Monday, April 29, 2024
Saturday, April 27, 2024
Hard Disk Drive
Computer Hardware පාඩම - (Hard disk drive)
හාඩ් ඩිස්ක් එකක ධාරිතාව (Hard disk capacity)
හාඩ් ඩිස්ක් එකක ධාරිතාවය පෙන්වන්නේ බයිට් (Byte) නමැති ඒකකයෙනි.
- 1024byte = 1 KB (kilo byte)
- 1024 KB = 1 MB (Mega byte)
- 1024 MB = 1 GB (giga byte)
- 1024 GB = 1 TB (tera byte)
මේ අනුව හාඩ් ඩිස්ක් එකක ධාරිතාව මැනීමට බයිට් නමැති ඒකකය වුවද දැන් කිලෝ බයිට් මෙගා බයිට් වලින් හාඩ් ඩිස්ක් නොමැත. දැනට භාවිතයේ ඇති හාඩ් ඩිස්ක් එකක අවම ධාරිතාව 80GB පමණ වේ. එනම් දැනට නිශ්පාදනය කරන කුඩාම ධාරිතාව ඇති හාඩ් ඩිසක් එක මෙයයි. දැනට ඇති උපරිම ධාරිතාව 3TB වේ. එනම් දල වශයෙන් 3000GB පමණය.
භ්‍රමණ වේගය RPM (Revolution per minute)
ඇතැම් අය මෙය rotation per minute ලෙසද හඳුන්වයි. මෙයින් කියවෙන්නේ මෙහි ඩිස්ක් එක විනාඩියකට කැරරවෙන වාර ගණනයි. මෙය වැඩිවත්ම දත්ත කියවීමේ වේගයද වැඩිවේ. ඒ R/W head (කියවන හිස) එක පසුකරන වාර ගණන වැඩි වන නිසාය. දැනට භාවිතයේ ඇති ඩිස්ක් වල මෙම වේගය 7200ක් වේ. මීට ටික කලකට පෙර පැවති ඒවා භ්‍රමණය වූයේ විනාඩියට වට 5400ක පමණ වේගයකිනි. එහෙත් සර්වර් සඳහා භාවිතා වන SAS හාඩ් ඩිස්ක් වල මෙම වේගය 10,000 RPM හෝ 15,000 RPM පමණ වේ.
Disk Cache (Disk buffer)
මෙය කුඩා ප්‍රමාණයක මෙමරියකි. වර්ථමානයේ ඩිස්ක් වල භාවිතා වන්නේ 8MB-64MB අතර ප්‍රමාණයක් භාවිතා කරයි. මෙය ඩිස්ක් එක (තැටිය) හා Mother board එක අතර දත්ත හුවමාරුවට සම්බන්ධ වේ.
සාමාන්‍යෙයන් ඩිස්ක් එකේ ඇති දත්ත කියවන්නේ වටයක් පැමිණ එම ස්ථානයට එන විටයි. එසේ වන විට යම් කාලයක් මෙහෙයුම් පද්ධතියට බලා සිටීමට සිදුවේ. එහෙත් ඩිස්ක් කෑශ් වල එම දත්ත අවශ්‍ය විට ලබා දීමට තාවකාලිකව පවත්වා ගනියි.
තැටි වලින් කියවන වේගය හා මෙහෙයුම් පද්ධතියට ඒවා අවශ්‍ය වන වේගය අතර පරතරය නිසි ලෙස කරමනාකරණය කරන්නේ මෙම මෙමරිය.
දත්ත හුවමාරු වේගය (Transfer Rate)
ඇත්තටම මෙහි වේග දෙකක් ඇත. එනම් ඩිස්ක් (hard disk platter) වල සිට Disk buffer එකට දත්ත හුවමාරු වන වේගය හා Disk buffer වල සිට Host එකට (Mother board එකේ) දත්ත හුවමාරු වන වේගයයි. නමුත් බොහෝ අවස්ථා වල Transfer rate එක ලෙස පෙන්වා දෙන්නේ Disk buffer වල සිට Host එකට දත්ත හුවමාරු වන වේගයයි.
ATA (PATA) ඩිස්ක් එකක platter එකේ සිට Disk buffer එකට දත්ත හුවමාරු වන වේගය 126 MB/s පමණ උපරිම අගයක් ගනී. ඒවායේ Disk buffer එකේ
සිට Host එකට දත්ත හුවමාරු වන වේගය 100MB/s පමණය.
SATA ඩිස්ක් එකක Disk
buffer එකේ සිට Host එකට
දත්ත හුවමාරු වන වේගය 3Gb/s පමණ සිට 6Gb/s දක්වා භාවිතයේ පවතී.
SSD (Solid State Disk)
මොනවද මේ කියන්නේ. මේවායේ ක්‍රියා
කාරිත්වය කලින් අප සඳහන් කළ සියලු ඩිස්ක් වලට වඩා වෙනස්.
මේවායේ කරකැවෙන ඩිස්ක්, මෝටර් R/W Head ආදී
කිසිවක් නැත. දත්ත ගබඩා කරන්නේ ඔබ දන්නා පෙන් ඩ්‍රයිව් නැතිනම් ෆ්ලෑෂ් මෙමරි වල ආකාරයටයි. මේවායේ
කිසිම චලනය වන කොටසක් නැත. වේගය
අතින් වැඩිය. නමුත් මිලෙන් වැඩිය. ක්‍රියා කිරීමේදී කිසිම ශබ්දයක් නිකුත් නොවේ.
හාඩ් ඩිස්ක් ගැන කලින් ලිපියේ සඳහන් නොවුරු තොරතුරු කීපයක්ම අද ලිපියෙන් කියන්න පුළුවන් උනා. එහෙම නම් අදට සමුගෙන යන්නයි සූදානම...
Keshan Imalshana
Computer Hardware
Computer Hardware පාඩම 01
යාලුවනේ ඔන්න අද ඉදන් අපි අලුත් පාඩම් මාලාවක් ඉදිරිපත්
කරනවා..අද ඉදන් අපි ලියන්නේ Computer
Hardware පාඩම , මම
හිතනවා නොදන්න ගැන දන්නා සිංහලෙන් මුල සිට සරලව වගේම මේ
ලිපෙලත් අවසන් වනකොට ඔයාහොදම වැඩ්ඩේක් වෙයි කියලා. මේකත් කොටස් කිහිපයකින්
සමන් විත වෙනවා.ඵලමු කොටසට අදාල පාඩම් ට්ක තමයි මුලින් දෙන්නේ.
Computer Hardware ඉගෙන ගන්න පෙර..
පරිගනකයක් භාවිතයේ කොටස් 3ක් ගැන
අපි කතා කරනවා.
Computer Hardware
Software
Live-ware
මෙහිදි Computer Hardware යනු පරිගනකයේ භෞතික දේ. මේවා අතර සක්‍රිය මෙන්ම අක්‍රිය කොටස්ද පවතිනවා. අපි මේ ලිපි පෙළ ලියන්නේ එම Computer Hardware එකලස් කිරීම, නඩත්තුව හා අළුත්වැඩියා කිරිම ගැන කතා කරන්නයි. එනිසාම මෙම ලිපි මාලාව ගොඩක් දිග, කාලයක් ලියවෙන ලිපි පෙලක් වෙනවා.
Software යනු පරිගනකයේ ස්ථාපනය කර ඇති Operating system, Application software (උදා. Microsoft Office, Open Office, Firefox, Games), Anti-virus software ආදියයි.
Live-ware යනු පරිගනකය භාවිතා කරන්නාය.
Computer Hardware ඉගෙන ගැනීමට පෙර සපුරාගත යුතු අවශ්‍යතා කීපයක්ම තියනවා.
සාමාන්‍යෙයන් Software සම්බන්ධ පාඨමාලා හදාරන්න කිසිම Computer Hardware දැනුමක් නැතිව කරන්න පුළුවන්. නමුත් Computer Hardware ගැන ඉගෙන ගැනීමේදී අනිවාර්යයෙන්ම Software ගැන අවබෝධයක් තියෙන්නම ඕන. මෙහිදී මම අදහස් කරන්නේ Software development ගැන නොවේ. Operating system, Application software, Anti-virus software ආදී දේ පිළිබඳව හා ඒවා ස්ථාපනය කිරීම පිළබඳවයි. මේවා හැසීරවීමේ අවබෝධය නැතිව ඒවා අදාල පරිගනකය තුල ස්ථාපනය කරන්න බෑනේ.
පරිගනක කාර්මිකයෙකු සතු වියයුතු තවත් ගුනාංගයක් වන්නේ හොඳ ඉවසීමක් තියෙන්න ඕන. නැතිනම් ටික කලකින්ම මෙය අතහැර දමන්න හිතෙනවා. ඒ ඇතැම් අවස්ථාවල පැය ගණන් තිරය දෙස බලාහිඳිමින් දෝෂ සෙවීමට, Software install කරන්න සිදුවෙන නිසා. මෙහි ඇති ඉතා සියුම් උපාංග නිසා හොඳ ඇස් පෙනීමක් තියෙන්න ඕන. උපැස් භාවිතා කිරීමේ ගැටළුවක් නැත. තමන්ගේ බුද්ධි මට්ටමත් හොඳ කාර්මිකයෙකු වන්න හේතු වෙනවා. හොඳින් දක්‍ෂ ලෙස ඇඟිලි තුඩු හැසිරවීමට හැකිනම් එයත් මෙම කාර්යයට ලොකු පිටිවහලක් වෙනවා. ඒසේ නොමැති අයට ව්‍යායාම මගින් එය දියුණ කරගන්න පුළුවන්. මීට අමතරව වෙනත් ඕනෑම කාර්යයකදී මෙන්ම ලොකු කැපවීමක් කරන්න වෙනවා මෙම ක්‍ෂේත්‍රෙය්ද හොඳ දියුණුවක් ලබන්නට.
දැන් ඔය අවශ්‍යතා සම්පූර්ණ කල අය මාත් එක්ක මේ පාඩම කරන් ඉදිරියට යනවා. නෑ ඇත්තෙන්ම එහෙම හිතන්න එපා. අනෙක් අයටත් උවමනාව ඇතිනම් මෙම අවශ්‍යතා සපුරන්න පුළුවන්. නැතත් මේවා ලියන්නේ කියවන හැම දෙනාම පරිගනක කාර්මිකයින් කරන්න නොවේ. එසේ නොවන අයටත් අපි හැමදාම සමහරවිට උදේ සිට රෑ නිදියන මොහොත දක්වාම අපත් සමග අපේ කටයුතු පහසු කරන පරිගනකයේ ඇතුලේ ඇත්තේ මොනවාද? ඒවා සවිකලේ කෙහොමද? ඒවා නඩත්තු වන්නේ කෙසේද? සුළු හෝ අළුත්වැඩියාවක් කරගන්න පුළුවන් ද කියා දැන ගන්න පුළුවන්නේ. අවම වශයෙන් එන දෝෂ දන්නවානම් ඒවාට හේතු දන්නවානම්, ඒවා ඇති නොවන සේ භාවිතා කරන්න පුළුවන්නේ.
දැන් බලමු මේ සඳහා ඇති වෙනත් අවශ්‍යතාවයන් මොනවාද කියා.
මේ සඳහා වෙනම කාමරයක් නැතිනම් අවම වශයෙන් වෙනම මේසයක් අවශ්‍ය වෙනවා. එම ස්ථානයේ පැවතිය යුතු දේ අතර හොඳ වාතාශ්‍රයක්, ජල කරාමයක් හා සින්ක් එකක්, ප්‍රථමාධාර කට්ටලයක් වැනි දේ පවා ඇතුලත් විය යුතු බවයි මගේ මතය. මේ මොන දේ ඇතත් නිසි ප්‍රමිතියේ ආයුධ කට්ටලයක් හා වෙනත් උපකරණ ගණනාවක් අවශ්‍ය වෙනවා. එහෙත් ඒවා දැනට අපි ලඟ නැතත් මේ වැඩේ තියන දේයින් කළමනාකරණය කරගන්න උනන්දුව ඇති දක්‍ෂෙයකුට අපහසු වෙයි කියා හිතන්නේ නෑ. එහෙමනම් මෙම ලිපි පෙලේ මීළඟ ලිපියට ඉඩ තබමින් අදට යන්නම්.
සදා ජය.......
Keshan Imalshana
















